ads

අත්හදා බැලීම් නැහැ හොඳම 11 ගහනවා

අත්හදා බැලීම් නැහැ හොඳම 11 ගහනවා

- ශ්‍රී ලංකා නායක චන්දිමාල් කියයි
ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තරග 2 කින් සමන්විත 20-20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද (19දා) පල්ලෙකැ‍ලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
දිවා-රාත්‍රී තරගයක් ලෙස පැවැත්වෙන මෙම තරගය ප.ව. 7.00 ට ආරම්භ වෙයි.
20-20 තරගාවලායේදී ශ්‍රී ලංකා පිල දිනේෂ් චන්දිමාල් විසින් මෙහෙයවනු ලබන අතර නවසීලන්ත පිල කයිල් මිල්ස් විසින් මෙහෙයවනු ලබයි. ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර මතෛක් 20-20 තරග 11 ක් පවත්වා ඇති අතර දෙපිලම තරග 5 බැගින් ජයගෙන තිබේ. මින් එක් තරගයක ලකුණු සමවීම නිසා සුපිරි පන්දුවාරය මගින් ජයග්‍රාහකයා තීරණය කළේය. ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර ශ්‍රී ලංකාවේදී පවත්වා ඇති තරග 6න් 3 ක ජය නවසීලන්තයට හිමිවී ඇති අතර ශ්‍රී ලංකාව ජයගෙන ඇත්තේ තරග 2 කි. අවසන් වරට ශ්‍රී ලංකාවේ පැවැති 2012 වසරේ 20-20 තරගය වර්ෂාව හේතුවෙන් විසඳුමකින් තොරව අවසන් විය. එම තරගය පල්ලෙකැ‍ලේදී පැවැත්වුණි. තරගය පිළිබඳව අදහස් දක්වන ශ්‍රී ලංකා නායක චන්දිමාල් පවසන්නේ අද තරගයට හොඳම ක්‍රීඩකයන් 11 දෙනා ක්‍රීඩා කරන බවයි. ලෝක කුසලාන 20-20 තරගාවලියට වැඩි කලක් නොමැති බැවින් මේ මොහොතේ අත්හදා බැලීම් අනවශ්‍ය බවද ඔහු පවසයි. අද තරගයේදී කුසල් ජනිත් සහ අජන්ත මෙන්ඩිස් ක්‍රීඩා කරනවාදැයි විමසූ විට චන්දිමාල් පැවැසුවේ ඔවුන් දෙදෙනා ක්‍රීඩා කිරිමේ වැඩි ඉඩක් පවතින බවයි. එහෙත් හෙට සවස තණතීරුව පරීක්ෂා කර අවසන් තීරණය ගන්නා බව ඔහු වැඩි දුරටත් පැවැසීය.
නවසීලන්ත පි‍ලේ ක්‍රීඩකයන් රැසක් පසුගිය “ඒ” තරගාවලියේදී ශ්‍රී ලංකාවේ තණතීරු පිළිබ¼ඳ අවබෝධයක් ලබා ගැනීම නිසා එක්දින තරගාවලියේදී හොඳින් ක්‍රීඩා කළ බැවින් ඊට එරෙහිව නව සැලසුමක් ක්‍රියාත්මක කරන බව චන්දිමාල් පැවැසීය. කෙසේ වුවද නවසීලන්ත පිල අඩුවෙන් තක්සේරු නොකරන බව පැවැසූ චන්දිමාල් පළමු තරගය ජය ගැනීම අත්‍යවශ්‍ය බව පැවැසීය.
ශ්‍රී ලංකා සංචිතය
දිනේෂ් චන්දිමාල් (නායක) ටී.එම්. ඩිල්ෂාන්, කුමාර් සංගක්කාර, කුසල් ජනිත් පෙරේරා, ඇන්ජලෝ මැතිව්ස්, මහේල ජයවර්ධන, තිසර පෙරේරා, සචිත්‍ර සේනානායක, සීකුගේ ප්‍රසන්න, නුවන් කුලසේකර, ලසිත් මාලිංග, ලහිරු තිරිමාන්න, සුරංග ලක්මාල්, රමිත් රඹුක්වැල්ල, අජන්ත මෙන්ඩිස්
නවසීලන්ත සංචිතය
කයිල් මිල්ස් (නායක) ඇන්ටන් ඩෙවිසිච්, ටොම් ‍ලේතම්, රබේ නිකල්, ග්‍රාන්ට් එලියට්, කොලින් මුන්රෝ, ඇඩම් මිල්නේ, ඇන්ඩෲ එලිස්, ලුක් රොන්චි, ජේම්ස් නීෂම්, නේතන් මැකලම්, මිචෙල් මැක්ලෙනගන්, නීල් බෘෘම්, ඉයන් බට්ලර්, 
හමීෂ් රදර්ෆර්ඩ්
මංගල ධර්මප්‍රේම පල්ලෙකැ‍ලේ සිට

0 comments :

Post a Comment