ads

ශතක තුනක් සමඟින් සංගක්කාර 14,000 සමාජයට

ශතක තුනක් සමඟින් සංගක්කාර 14,000 සමාජයට


ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර ඊයේ ඕස්ට්‍රේලියාව සමඟ සිඩ්නි ක්‍රීඩා පිටියේ පැවැති ලෝක කුසලාන ක්‍රිකට් තරගයේදී පන්දු 107කට මුහුණදී හතරේ පහර 11ක් සමගින් ලකුණු 104ක් රැස් කොට ඔහුගේ එක්දින ශතක සංඛ්‍යාව 24ක් ලෙස සටහන් කළේය. එසේම එම තරගයේදී ඔහු එක්දින ලකුණු 14,000 පසු කිරීමට සමත්වූයේ ලෝක කුසලාන තරගාවලියක පිට පිට තරග තුනකදී ශතක වාර්තා කළ පළමු පිතිකරුවා ලෙසින් නව ලෝක වාර්තාවක්ද සනිටුහන් කරමිනි.

ඒ අනුව කුමාර් සංගක්කාර ලොව දෙවැනි වැඩිම එක්දින ලකුණු ලාභියා ලෙස මේ වනවිට ඉනිම 378ක් තුළ ශතක 24ක් හා අර්ධ ශතක 93ක් සමගින් ලකුණු 14,065ක් ලබා ඇති අතර ඔහුට ඉදිරියෙන් රැඳී සිටින ඉන්දියාවේ සචින් ටෙන්ඩුල්කාර් තරග 452කදී ශතක 49ක් සහ අර්ධ ශතක 96ක් සමගින් ලකුණු 18,426ක් රැස් කර තිබේ. තවද ලොව වැඩිම එක්දින අර්ධ ශතකලාභී සචින් ටෙන්ඩුල්කාර් ලබා ඇති අර්ධ ශතක සංඛ්‍යාවට අර්ධ ශතක දෙකක් පිටුපසින් සිටින කුමාර් සංගක්කාර ඊයේ තරගයට පෙර පැවැති තරග දෙකේදී වාර්තා කළ ශතක දෙකම නොදැවී ලබාගත් ශතක වීමද විශේෂත්වයකි.

උපුටා ගැනිම mawbima Web Site

0 comments :

Post a Comment