ads

චන්දිමාල් - මෙන්ඩිස් ශී‍්‍ර ලංකාව දිනවති

චන්දිමාල් - මෙන්ඩිස් ශී‍්‍ර ලංකාව දිනවති 

2013-12-27 16:37:18 | යොහාන් භාසුර, අබුඩාබි ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේ සිට
කෙලිමන්ඩල

ශ‍්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරග පහකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියේ පස්වැනි සහ අවසන් තරගයෙන් :දිවාරැරාත‍්‍රී- ශ‍්‍රී ලංකා පිල කඩුලූ 2 ජයක් ලැබීමට සමත් වියග මෙම තරගය අබුඩාබිහි ෂේක් සයිඞ් ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී අද :27 වැනිදා- පැවැත්විණග

මෙම තරගයෙන් ශ‍්‍රී ලංකාව ජය ලැබුව ද පාකිස්තානය 3-2 ක් ලෙස තරගාවලියේ ජය හිමිකර ගත්තේයග ශ‍්‍රී ලංකා පිතිකරුවෝ ලකුණු 233 ක ජයග‍්‍රාහි ඉලක්කය  ඕවර 49ග4 කදී කඩුලූ 8 ක් දැවී සම්පූර්ණ කිරීමට සමත් වූහග

දිනේෂ් චන්දිමාල් ජයග‍්‍රහණයේ දැවැන්ත කොටස්කරුවකු බවට පත්වෙමින් පන්දු 70 කදී හතරේ පහරක් සහ හයේ පහරක් සමගින් නොදැවී ලකුණු 64 ක් රැස් කළේයග චන්දිමාල්ට හොඳ සහයෝගයක් දුන් අජන්ත මෙන්ඩිස් 49 වැනි  ඕවරයේ තෙවැනි පන්දුවට ගැසූ හයේ පහරින් ශ‍්‍රී ලංකාව මත පැටවී තිබූ පීඩනය තුරන් වියග

අජන්ත පන්දු 14 හතරේ පහර 2 ක් සහ හයේ පහරක් සමගින් නොදැවී ලකුණු 19 රැස් කිරීමට සමත් වියග අවසන්  ඕවරයට ලකුණු 3 ක් ලබා ගැනීමට තිබූ අතර එය සාර්ථක කර ගැනීමට චන්දිමාල් සහ අජන්ත සමත් වූහග

යොවුන් පිතිකරු කුසල් ජනිත් ලෝක ක‍්‍රිකට් පේ‍්‍රක්‍ෂකයන් 90 දශකයේ අග භාගයේ හිටපු සුපිරි පිතිකරු සනත් ජයසූරියගේ මනස්කාන්ත පිතිහරඹයේ ප‍්‍රතිරූපනයක් ගෙන එමින් පන්දු 41 කදී හතරේ පහර 3 ක් සහ හයේ පහර 4 ක් සමගින් ලකුණු 47 ක් ලබා සිටියදී රිවර් ස්විප් පහරක් ගැසීමට යෑමෙන් දැවී ගියේයග

කුසල් ජනිත් සහ තිලකරත්න ඩිල්ෂාන් පළමු කඩුල්ල සදහා පන්දු 74 කදී ලකුණු 75 ක සම්බන්ධතාවක් පවත්වමින් ශක්තිමත් අඩිතාලමක් දැමූහග

තිලකරත්න ඩිල්ෂාන් ලකුණු 45 ක් ලබා සිටියදී දෙවැනි කඩුල්ල ලෙස දැවී ගිය අතර ඩිල්ෂාන් එක්දින ලකුණු 8000 සම්පූර්ණ කිරීමට මේ තරගයේදී සමත් වියග 37 හැවිරිදි ඩිල්ෂාන් මේ වන විට එක්දින තරග 275 කදී ලකුණු 8ල014 ක් රැස්කර තිබේග

කුමාර් සංගක්කාර :22- සහ අෂාන් ප‍්‍රියංජන් :01- ලකුණු 9 ක් තුළ දැවී යෑමෙන් ශ‍්‍රී ලංකා ඉනිම අවිනිශ්චිත තත්ත්වයකට පත්වියග

පාකිස්තානු පිලට විනිසුරු තීරණය විමසීමේ ක‍්‍රමවේදය ප‍්‍රතිඵල ගෙන දෙමින් ඇන්ජලෝ මැතිව්ස් :08- පස්වැනි කඩුල්ල ලෙස දැවී යෑමෙන් පසුව ඉනිම කඩා වැටුණිග

ශ‍්‍රී ලංකා පිලේ නායක ඇන්ජලෝ මැතිව්ස් දක්‍ෂ පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 26 කට එක කඩුල්ලක් දවා ගැනීමට සමත් වියග ලසිත් මාලිංග ලකුණු 57 කට කඩුලූ 4 ක් දවා ගත්තේයග

ලසිත් මාලිංග යැවූ ඉනිමේ 49 වැනි  ඕවරයට පාකිස්තානු පිතිකරුවෝ ලකුණු 16 ක් රැස්කිරීම නිසා ලකුණු 232 ක් දක්වා යෑමේ අවස්ථාව උදාවියග

ජුනයිඞ් ඛාන් අවසන් ඕවර කීපයේ පන්දු 38 කදී හතරේ පහර 2 ක් සහ හයේ පහරක් සමගින් නොදැවී ලකුණු 41 ක් රැස්කරමින් පාකිස්තානය තරගයක් දියහැකි ලකුණු සංඛ්‍යාවක් දක්වා රැගෙන ආවේයග

අජන්ත මෙන්ඩිස් උමාර් අක්මාල්ගේ ඉනිම ලකුණු 20 කට සීමා කිරීමත් සමග පාකිස්තානය ලකුණු 173 කට කඩුලූ 6 ක් බවට පත්වියග ලසිත් මාලිංගගේ පන්දුවකට කුමාර් සංගක්කාර රැකගත් අනගි උඩ පන්දුව නිසා නායක මිස්බා උල් හක් පන්දු 74 කදී හතරේ පහර දෙකක් සහ හයේ පහරක් සමගින් ලකුණු 51 ක් ලබා සිටියදී පස්වැනි කඩුල්ල ලෙස දැවී ගියේයග

සචිත‍්‍ර සේනානායක යැවූ ඉනිමේ 36 වැනි ඕවරයේ පස්වැනි පන්දුවට ලකුණු 8 ක් ලබා සිටි උමාර් අක්මාල් ලබා දුන් පහසු උඩපන්දුව කිත්රුවන් විතානගේ වෙතින් ගිලිහි යෑම කැපී පෙනුණිග

ඇන්ජලෝ මැතිව්ස් ආරම්භයේ සිටම නිවැරදි ස්ථානයේ පන්දුව පතිතකරමින් පාකිස්තානු පිතිකරුවන් පලනය කිරීමේ ප‍්‍රතිඵලයෙන් මෙම තරගාවලියේදී ශතක තුනක් රැස්කළ මොහොමඞ් හෆීෂ් පන්දුව කෙළින්ම කඩුල්ල වැදී දැවී ගිය ක‍්‍රීඩකයකු ලෙස පිටියෙන් ඉවත් වියග

මොහොමඞ් හෆීෂ් පන්දු 56 කදී හතරේ පහර දෙකක් සමගින් ලකුණු 41 ක් රැස් කළේයග මොහොමඞ් හෆීෂ් සහ මිස්බා උල් හක් සිවුවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 58 ක සම්බන්ධතාවක් පැවැත්වූහග

තිලකරත්න ඩිල්ෂාන්ගේ විශිෂ්ට උඩ පන්දු රැකීම නිසා ෂෙයිබ් මක්ෂූඞ්ගේ ඉනිම ලකුණු 7 කට සීමා වීමෙන් පාකිස්තානය 17 වැනි  ඕවරයේ පළමු පන්දුවේදී ලකුණු 70 ට කඩුලූ 3 ක් බවට පත්වියග

පාකිස්තානු පළමු කඩුල්ල ලෙස අහ්මඞ් ශෙෂාඞ් ලකුණු 17 ක් ලබා සිටියදී සුරංග ලක්මාල්ගේ පන්දුවක් හමුවේ දැවී ගියේයග පාකිස්තානු නායක මිස්බා උල් හක් කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේයග

මෙම තරගයේදී ශ‍්‍රී ලංකා පිලට නුවන් කුලසේකරගේ ස්ථානයට පිට දග පන්දු යවන අජන්ත මෙන්ඩිස් කැදවා තිබුණිග සහිඞ් අෆ්රිඩි සහ බිලවල් භාටි වෙනුවට අන්වර් අලී සහ අබ්දූර් රෙහෙමාන්ල පාකිස්තානු පිලට කැදවා සිටියහග


ලකුණු පුවරුව
ශී‍්‍ර ලංකා - පාකිස්තානු පස්වැනි එක්දින තරගය
අබුඩාබි කි‍්‍රකට් කී‍්‍රඩාංගණය
2013 දෙසැම්බර් 27
පකිස්තානය කාසියේ වාසිය දිනා පන්දුවට පහරදීම තෝරා ගනී
ශී‍්‍ර ලංකාවට කඩුලු 2ක ජයක්
භූමිකාවපකිස්තානු ඉනිම (උපරිම ඕවර 50 යි)ලවීප4
6
ව.පි.ශාජිල් ඛාන්ඇ. සහ ප. මාලිංග1853352
0
ද.පි.අහමඞ් ශෙසාඞ්ඇ. පි‍්‍රයන්ජන් ප. ලක්මාල්1723162
1
ද.පි.මොහොමඞ් හෆීස්ප. මැතිව්ස්4195562
0
ද.පි.සොහෙබ් මැක්සුඞ්ඇ. ඩිල්ෂාන් ප. මාලිංග715141
0
ද.පි.මිස්බා උල් හක්ඇ. සංගක්කාර ප. මාලිංග5185742
1
ද.පි.උමාර් අක්මාල්ඇ. ඩිල්ෂාන් ප. මෙන්ඩිස්2045372
0
ද.පි.අන්වර් අලිනොදැවී4154382
1
ව.පි.අබ්දුර් රේමන්ක.මු.කළා ප. මාලිංග1750
0
ද.පි.උමාර් ගුල්දුවද්දී දැවී ගියා817121
0
ද.පි.සයිඞ් අජ්මාල්ක.මු.කළා ප. ලක්මාල්81991
0
ද.පි.ජුනයිඞ් ඛාන්ක.මු.කළා ප. ලක්මාල්0110
0
අතිරේක
නි .ල
0
පා .ල
10
නි.ප
0
ව .ප
10
ද.ල
0
20
එකතුව
ඕවර
49.3 කදී
සියලු දෙනා
දැවී
232
කඩුලු වැටීම :
1-30 (අහමඞ් ශෙසාඞ්), 2-54 (ශාජිල් ඛාන්), 3-70 (සොහෙබ් මැක්සුඞ්), 4-128 (මොහොමඞ් හෆීස්), 5-169 (මිස්බා උල් හක්), 6-173 (උමාර් අක්මාල්), 7-176 (අබ්දුර් රේමන්), 8-194 (උමාර් ගුල්), 9-232 (සයිඞ් අජ්මාල්), 10-232 (ජුනයිඞ් ඛාන්)
:
කඩඉම්ලකුණු 50ලකුණු 100ලකුණු 150ලකුණු 200
 විනාඩිපන්දු46විනාඩිපන්දු46විනාඩිපන්දු46විනාඩිපන්දු46
මිස්බා උල් හක්7321
භූමිකාව
පන්දු යවන්නා
ඕවරනිලකනි.ප
ව.ප
 
ද.ම.වේඇන්ජලෝ මැතිව්ස්101261
1
 
ද.ම.වේසුරංග ලක්මාල්7.30423
 
පි.ද.පසචිත‍්‍ර සේනානායක101440
3
 
ද.වේ.පලසිත් මාලිංග100574
2
 
පි.ද.ප / පා.ද.පඅජන්ත මෙන්ඩිස්101421
3
 
පි.ද.පතිලකරත්න ඩිල්ෂාන්20110
1
 
භූමිකාවශී‍්‍ර ලංකා ඉනිම (උපරිම ඕවර 50 යි)ලවීප4
6
ව.පිකුසල් පෙරේරාක.මු.කළා ප. හෆීස්4754413
4
ද.පිතිලකරත්න ඩිල්ෂාන්ඇ. අජ්මාල් ප. ජුනයිඩ් ඛාන්44100694
0
ව.පිකුමාර් සංගක්කාරප. ජුනයිඩ් ඛාන්2267480
0
ද.පිදිනේෂ් චන්දිමාල්නොදැවී64125701
1
ද.පිඅශාන් පි‍්‍රයන්ජන්ඇ. උමාර් අක්මාල් ප. උමාර් ගුල්1860
0
ද.පිඇන්ජලෝ මැතිව්ස්ඇ. උමාර් අක්මාල් ප. අන්වර් අලි843310
0
ව.පිකිත්රැවන් විතානගේප. අජ්මාල්1414132
0
ද.පිසචිත‍්‍ර සේනානායකඇ. හෆීස් ප. ජුනයිඩ් ඛාන්3650
0
ද.පිලසිත් මාලිංගප. අජ්මාල්0210
0
ද.පිඅජන්ත මෙන්ඩිස්නොදැවී1923142
1
අතිරේක
නි .ල
0
පා .ල
7
නි.ප
0
ව .ප
5
ද.ල
0
12
එකතුව
ඕවර
49.4 කදී
කඩුලු 8ක්
දැවී
235
කඩුලු වැටීම :
1-75 (කුසල් පෙරේරා), 2-113 (තිලකරත්න ඩිල්ෂාන්), 3-129 (කුමාර් සංගක්කාර), 4-137 (අශාන් පි‍්‍රයන්ජන්), 5-166 (ඇන්ජලෝ මැතිව්ස්), 6-189 (කිත්රැවන් විතානගේ), 7-194 (සචිත‍්‍ර සේනානායක), 8-195 (ලසිත් මාලිංග)
පන්දුවට පහර නොදුන් කී‍්‍රඩකයා :
සුරංග ලක්මාල්
කඩඉම්ලකුණු 50ලකුණු 100ලකුණු 150ලකුණු 200
 විනාඩිපන්දු46විනාඩිපන්දු46විනාඩිපන්දු46විනාඩිපන්දු46
දිනේෂ් චන්දිමාල්6310
භූමිකාව
පන්දු යවන්නා
ඕවරනිලකනි.ප
ව.ප
 
ද.ම.වේඋමාර් ගුල්7.50441
1
 
ද.ම.වේඅන්වර් අලි5.40361
1
 
පි.ද.පමොහොමඩ් හෆීස්90361
2
 
ව.වේ.පජුනයිඩ් ඛාන්7.10313
 
පි.ද.පසයිඩ් අජ්මාල්100432
 
ද.ම.වේඅබ්දුර් රේමන්100380
1
 
තරග නිලධාරීන්
ප්‍රධාන විනිසුරුජොහැන් ක්ලොයට් සහ ශෝසබ් රාසා
රූපවාහිනී විනිසුරුරිචඩ් ඉලිංග්වෝත්
තරග තීරකජවගාල් ශී‍්‍රනාත්
අතිරේක විනිසුරුඅශාන් රාසා
    කෙටි යෙදුම්
    නි.ල - නිදහස් ලකුණු, පා.ල - පාද ලකුණු, නි.ප - නිපන්දු, ව.ප - වයිඩ් පන්දු, ද.ල - දඩුවම් ලකුණු, නි - නිළකුණු ඹ්වර්, ල - ලකුණු, ක - කඩුලු, ද.පි - දකුණත් පිතිකරු, ද.වේ.ප - දකුණත් වේග පන්දු යවන්නා, ව.වේ.ප - වමත් වේග පන්දු යවන්නා, ව.ම.වේ - වමත් මදවේග පන්දු යවන්නා, ද.ම.වේ - දකුණත් මදවේග පන්දු යවන්නා, ව.පි - වමත් පිතිකරු, පා.ද.ප - පා දගපන්දු යවන්නා, පි.ද.ප - පිට දගපන්දු යවන්නා, ගු.ප - ගුග්ලි පන්දු යවන්නා, ව.ද.ප - වමත් දගපන්දු යවන්නා, ච.ප - චයිනමන් පන්දු යවන්නා
24gossipnews


0 comments :

Post a Comment