ඕස්ට්‍රේලියාවට ලකුණු 64ක ජයක්
ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර අද (8) පැවති තරඟයෙන් ලකුණු 64 ක ජයක් වාර්තා කිරීමට ඕස්ට්‍රේලියාව සමත් විය. මේ සමග ශ්‍රී ලංකා කණ්ඩායමට "ඒ" කාණ්ඩයේ තෙවන ස්ථානය දක්වා පසු බැසීමට සිදු විය.
ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියා කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුල සියලු දෙනා දැවී ලකුණු 376ක් රැස් කිරීමට සමත් විය. මැක්ස්වෙල් ලකුණු 102ක් වාර්තා කළේය. ලසිත් මාලිංග සහ තිලකරත්න දිල්ශාන් කඩුලු 2 බැගින් දවා ගැනීමට සමත් විය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කල ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 46.2කදී සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 312ක් පමණි. අගනා ඉනිමක් ක්‍රීඩා කල කුමාර සංගක්කාර ලකුණු 104යි. තිලකරත්න දිල්ශාන් ලකුණු 62යි. දිනේෂ් චන්දිමාල් පන්දු 24කදී වේගවත් ලකුණු 51 රැස්කරගෙන සිටියදී අවාසනාවන්ත ලෙස අබාදයකට ලක්වීම හේතුවෙන් ඔහුගේ ඉනිම අත්හිටුවීමට සිදුවිය. ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ෆෝක්නර් කඩුලු 3ක් දවා ගැනීමට සමත් විය.
උපුටා ගැනිම mawbima Web Site


0 comments :
Post a Comment