2013.12.28 8.45 am
ශ්‍රී ලංකාව සහ පකිස්තානය අතර තරග 5කින් යුත් එක් දින ක්‍රිකට් තරගාවලියේ තරග 4ක්ම අසාර්ථක වූ ශ්‍රී ලංකාවේ පන්දු යෑවීම සහ පන්දු රැකීම ඊයේ අබුඩාබි හී පැවැති 5 වැනි සහ අවසන් තරගයේදී සාර්ථක වීම මත පකිස්තාන ඉනිම ලකුණු 232 කට සීමාකිරීමට හැකිවිය.තරගයේදී කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළ පකිස්තානය වරෙක ලකුණු 176 කට කඩුලු 7ක් බිඳ වැටී සිටියද අන්වර් අලී විසින් පන්දු 38 කදී නොදැවී ලබාගත් ලකුණු 41 හේතුවෙන් 232ක් වැනි ලකුණු සංඛ්‍යාවක් කරා යැමට ඔවුනට හැකිවිය.
පන්දු වාර 49.3 කදී පකිස්තාන ඉනිමේ සියලු දෙනා දවාගැනීම පිණිස පන්දුවෙන් ඉහළින්ම දායක වූ ලසිත් මාලිංග ලකුණු 57කට කඩුලු 4 ක් දවාගත් අතර සුරංග ලක්මාල් විසින් ලකුණු 42කට කඩුලු 3ක් දවාගන්නා ලදී.
ශ්‍රී ලංකාව වෙනුවෙන් ආරම්භක පන්දු යවන්නාගේ කාර්ය භාරය ඉටුකළ නායක ඇන්ජලෝ මැතිව්ස් විසින් පකිස්තානු පිතිකරුවන් මනා පාලනයකට ලක්කරමින් පන්දු යෑවීමේ ප්‍රතිඵලය වූයේ සිය පන්දු වාර 10 දීම ලකුණු 26 ක් පමණක් ලබාදෙමින් කඩුල්ලක්ද දවාගැනීමයි.
තරගාවලියේ සිව් වැනි ශතකයද ලබාගැනීමේ අරමුණින් පිටියට පිවිසි මොහොමඩ් හµSස්ව කෙළින්ම පන්දුව කඩුල්ල කරා යොමුකර ලකුණු 41කට සීමාකරමින් මැතිව්ස් අදාළ කඩුල්ල දවාගත්තේය.
පකිස්තානය වෙනුවෙන් එම ඉනිමේ එකම අර්ධ ශතකය නායක මිස්බා උල් හක් විසින් වාර්තා කළ අතර 2013 වසරේ වැඩිම එක්දින ලකුණු ලාභියා බවට පත්ව සිටි ඔහු 2013 වසරේ ඉනිම 32ක් තුළ ලබාගත් 15 වැනි අර්ධ ශතකය එය විය.
අන්වර් අලී ලකුණු 7ක් ලබා සිටියදී අජන්ත මෙන්ඩිස්ගේ පන්දුවක් හමුවේ ස්ලිප් හී පන්දු රැකීම ඇන්ජලෝ මැතිව්ස් අතට දුන් උඩපන්දුව අතහැරීම හේතුවෙන් ලකුණු 178 ට කඩුලු 8ක් ලෙසින් පකිස්තාන ලකුණු පුවරුවේ සටහන් වීමට තිබූ අවස්ථාව මගහැරුණද සමස්තයක් ලෙසින් ගත් විට ශ්‍රී ලංකාවේ පන්දු රැකීම පෙර තරග වලට සාපේක්ෂව ඊයේ ඉහළ මට්ටමක තිබිණි. මාලිංග ගේ පන්දුවක් හමුවේ සොහීබ් මක්සූඩ් විසින් ගැසූ පහර පොයින්ට්හි සිටි ඩිල්ෂාන් විසින් උඩ පන්දුවක් බවට පත්කර ගැනීම ඒ අතරින් කැපී පෙනුණි.
ශ්‍රී ලංකා පිළිතුරු ඉනිමේදී අනගි පිතිහරඹයක යෙදුණු කුසල් ජනිත් පෙරේරා පන්දු 41 කදී ලබාගත් ලකුණු 47 ට හතරේ පහර 3 ක් සහ හයේ පහර 4ක් අන්තර්ගත විය. කුසල්ගේ මෙම පිතිහරඹය තුළ ඔහු මිඩ් විකට් කලාපයෙන් එල්ල කළ හයේ පහර සනත් ජයසූරියගේ පිතිහරඹයේ ශෛලිය නැවතත් පිටිය තුළ ජීවමාන කළ අතර ඔහු ඊයේ පිටියේ පන්දුවට පහරදෙමින් සිටියදී එහි වූ දැවැන්ත ප්‍රදර්ශන තිරය මත වරෙක 'සනත් ඔබ මෙය නරඹනවාද? ' යනුවෙන් සටහන් විණි.
නමුත් කිසිදු පීඩනයකින් තොරව ඉතා ස්ථාවර පිතිහරඹයකින් ඉලක්කය හඹා යමින් සිටියදී සිය අත්දැකීම් රහිත බව පෙන්වූ කුසල් රිවර්වස් ස්වීප් පහරකට ගොස් කඩුල්ල මුවා කිරීමකට හසුව දිගු ඉනිමක් සඳහා යැමට තිබූ අවස්ථාව ලකුණු 47 කට සීමාකර ගත්තේය.
'දිවයින' මුද්‍රණයට යෑවෙන විට ශ්‍රී ලංකා පිළිතුරු ඉනිම පන්දු වාර 24 කදී ලකුණු 113 ක් වශයෙන් සටහන් විය. එහිදීs ටී.එම් ඩිල්ෂාන් ලකුණු 45 ක්ද සංගක්කාර ලකුණු 13 ක් ලද ලබා කඩුල්ලේ රැඳී සිටියහ.
ලකුණු සටහන
පකිස්තානය පන්දු වාර 49.3 කදී සියලු දෙනා දැවී ලකුණු 232යි
(මොහොමඩ් හµSස් 41, මිස්බා උල් හක් 51, අන්වර් අලී නොදැවී 41, මැතිව්ස් 26/1, ලක්මාල් 42/3, මාලිංග 57/4, මෙන්ඩිස් 42/1)

0 comments :
Post a Comment