මීරිගම නගරයේ රූපලාවන්‍යාගාරයකදී රූපලාවණ්‍යගාරයේ හිමිකරු, සේවිකාවන් තිදෙනෙකු හා මංගල දිනයේ දෙවැනි දිනය වෙනුවෙන් සැරසෙමින් සිටි මනාලියන් දෙදෙනෙකුට ආසාත්මිකතාවක් හේතුවෙන් සිහිසුන් රෝහල් ගතකර ඇතැයි මිරිගම පොලිසිය කියයි.
විදුලි බලය නොමැති වීම හේතුවෙන් විදුලි උත්පාදක යන්ත්‍රයන ආධාරයෙන් රූපලාවණ්‍යාගාරයේ කටයුතු පවත්වාගෙන යමින් සිටිය දී මෙම සිදුවීම වී ඇතැයි මූලික පරීක්ෂණවලදී හෙළි වී ඇත. එහි වායු සමීකරණ යන්ත්‍ර ද ක්‍රියාත්මකව තිබී ඇති අතර විදුලි ජනක යන්ත්‍රය තිබී ඇත්තේද එම සීමාව ඇතුළත බව හෙළිවූ බව පොලිසිය කියයි.



0 comments :
Post a Comment