ads

අත්හදා බැලීම් නැහැ හොඳම 11 ගහනවා

අත්හදා බැලීම් නැහැ හොඳම 11 ගහනවා



- ශ්‍රී ලංකා නායක චන්දිමාල් කියයි

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තරග 2 කින් සමන්විත 20-20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද (19දා) පල්ලෙකැ‍ලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.දිවා-රාත්‍රී තරගයක් ලෙස පැවැත්වෙන මෙම තරගය ප.ව. 7.00 ට ආරම්භ වෙයි.
20-20 තරගාවලායේදී ශ්‍රී ලංකා පිල දිනේෂ් චන්දිමාල් විසින් මෙහෙයවනු ලබන අතර නවසීලන්ත පිල කයිල් මිල්ස් විසින් මෙහෙයවනු ලබයි. ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර මතෛක් 20-20 තරග 11 ක් පවත්වා ඇති අතර දෙපිලම තරග 5 බැගින් ජයගෙන තිබේ. මින් එක් තරගයක ලකුණු සමවීම නිසා සුපිරි පන්දුවාරය මගින් ජයග්‍රාහකයා තීරණය කළේය. ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර ශ්‍රී ලංකාවේදී පවත්වා ඇති තරග 6න් 3 ක ජය නවසීලන්තයට හිමිවී ඇති අතර ශ්‍රී ලංකාව ජයගෙන ඇත්තේ තරග 2 කි. අවසන් වරට ශ්‍රී ලංකාවේ පැවැති 2012 වසරේ 20-20 තරගය වර්ෂාව හේතුවෙන් විසඳුමකින් තොරව අවසන් විය. එම තරගය පල්ලෙකැ‍ලේදී පැවැත්වුණි.


 අත්හදා බැලීම් නැහැ හොඳම 11 ගහනවා

About 24gossipnews

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 comments :

Post a Comment