මඩින් නැතිව ගොඩින් එන්න 24gossipnews November 27, 2013 Edit 2013-11-28 08:22:00 AM ජාතික ඔලිම්පික් කමිටුවේ නිලවරණය පැවැත්වීමට ආසන්නව තිබියදී ඔලිම්පික් කමිටුවේ වත්මන් පරිපාලනය පිළිබඳවත් ජාතික ඔලිම්පික් කමිටුව පිළිබඳවත් පෞද්ගලිකව මා පිළිබඳවත් අසත්‍ය හා අභූත චෝදනා නඟමින් ක්‍රීඩා අමාත්‍යංශය නිකුත් කොට ඇති මාධ්‍ය නිවේදන මඟින් පාඨකයා නොමඟ යැවීමක් සිදුවන බැවින් ඒ සඳහා කරුණු පැහැදිලි කිරීම ජාතික ඔලිම්පික් කමිටුවේ වගකීමක් බව ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති හේමසිරි ප්‍රනාන්දු මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. "මඩින් නැතුව ගොඩින් එන්න" යන අභියෝගාත්මක පිළිතුරෙන් අවසන් කර ඇති වත්මන් ඔලිම්පික් කමිටු සභාපතිවරයා නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ තවදුරටත් මෙසේද සඳහන් වෙයි. එම නිවේදන මඟින් ඔවුන් දක්වන්නේ මා විසින් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවට ලිපියක් යැවීමට හේතු වී ඇත්තේ ඔලිම්පික් කමිටුවේ වාර්ෂික ගිණුම් විගණනය, විගණන දෙපාර්තමේන්තුවට පැවරීමට අමාත්‍යංශය ගත් තීරණය දේශපාලන අතපෙවීමක් ලෙස හුවා දැක්වීමට බවයි. මෙම වගකීමෙන් තොර කරුණු දැක්වීම පිළිබඳව මා පුදුමයට පත්වන්නේ ක්‍රීඩා අමාත්‍යංශය වැනි වගකිව යුතු අමාත්‍යංශයක් ඔලිම්පික් කමිටු ගිණුම් වාර්තා, විගණන දෙපාර්තමේන්තුව මඟින් 2009 වර්ෂයේ සිටම විගණනය වන බව නොදන්නේ ද යන්නයි. Share This: Facebook Twitter Pinterest Linkedin Whatsapp Whatsapp About 24gossipnews This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel. RELATED POSTS
0 comments :
Post a Comment