2013-11-28 02:26:00 AM
දෙසැම්බර් 1 සිට 7 දක්වා සිංගප්පූරුවේ පැවැත්වෙන 8 වැනි නේෂන් කුසලාන දැල්පන්දු තරගාවලියට සහභාගි වන මරිෂා ප්‍රනාන්දුගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා පිල අද (28දා) සිංගප්පූරුව බලා පිටත්ව යයි.
සිංගප්පූරු දැල්පන්දු සංගමය 2006 වසරේ සිට වාර්ෂිකව සංවිධානය කරන මෙම තරගාවලියට මෙවර ශ්‍රී ලංකාව සහභාගි වන්නේ පස් වැනි වරටය.
මීට පෙර 2007, 2008, 2011 හා 2012 යන වර්ෂයන්හී නේෂන් කුසලාන, තරගාවලියට සහභාගි වී ඇති ශ්‍රී ලංකාව 2011 වසරේ පස්වැනි ස්ථානයට පත්වුවද සෙසු අවස්ථා තුනේම සිවුවැනි ස්ථානය හිමිකරගෙන තිබිණි.
මීට පෙර 2007, 2008, 2011 හා 2012 යන වර්ෂයන්හී නේෂන් කුසලාන, තරගාවලියට සහභාගි වී ඇති ශ්‍රී ලංකාව 2011 වසරේ පස්වැනි ස්ථානයට පත්වුවද සෙසු අවස්ථා තුනේම සිවුවැනි ස්ථානය හිමිකරගෙන තිබිණි.
මෙවර තරගාවලියට ලෝක ශේර්ණි සටහනේ 17 වැනි ස්ථානය හිමි 2008 වසරේ ශූරතාවද දිනාගත් පැපුවානිව්ගිනියාව සමඟ ඇමෙරිකාව (19), සිංගප්පූරුව (21), ශ්‍රී ලංකාව (23), අයර්ලන්තය (28) හා ශේර්ණියට ඇතුළත් නොවන උගන්ඩාවද සහභාගි වෙයි.
සිංගප්පූරුවේ ටෝවා පායෝ ක්‍රීඩාගාරයේදී දෙසැම්බර් 1 වැනිදා ශ්‍රී ලංකාවේ වේලාවෙන් පස්වරු 5.30ට සිංගප්පූරුව හා අයර්ලන්තය අතර පැවැත්වෙන තරගයෙන් මෙවර තරගාවලිය ඇරඹෙන අතර ශ්‍රී ලංකාව තරගාවලියට පිවිසෙන්නේ එදින පස්වරු 7.30ට පැපුවානිව්ගිනියාව හා තරග වදිමිනි.



0 comments :
Post a Comment