ශතක තුනක් සමඟින් සංගක්කාර 14,000 සමාජයට
ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර ඊයේ ඕස්ට්‍රේලියාව සමඟ සිඩ්නි ක්‍රීඩා පිටියේ පැවැති ලෝක කුසලාන ක්‍රිකට් තරගයේදී පන්දු 107කට මුහුණදී හතරේ පහර 11ක් සමගින් ලකුණු 104ක් රැස් කොට ඔහුගේ එක්දින ශතක සංඛ්‍යාව 24ක් ලෙස සටහන් කළේය. එසේම එම තරගයේදී ඔහු එක්දින ලකුණු 14,000 පසු කිරීමට සමත්වූයේ ලෝක කුසලාන තරගාවලියක පිට පිට තරග තුනකදී ශතක වාර්තා කළ පළමු පිතිකරුවා ලෙසින් නව ලෝක වාර්තාවක්ද සනිටුහන් කරමිනි.



0 comments :
Post a Comment